Memento Mori - Skull
"දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති,
සුතෙ සුතමත්තං භවිස්සති,
මුතෙ මුතමත්තං භවිස්සති,
විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති.
එවඤ්හි තෙ, බාහිය, සික්ඛිතබ්බං."

 

යම් කලෙක බාහිය, තොපට දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රයක්ම වෙයිද, ඇසූ දෙයෙහි ඇසූ මාත්‍රයක්ම වෙයිද, දැනුනු දෙයෙහි දැනුනු මාත්‍රයක්ම වෙයිද, දැනගත් දෙයෙහි දැනගත් මාත්‍රයක්ම වෙයිද, එකල්හි බාහිය, ඔබ ඉන් (රාගාදියෙන්) නොවේ. යම් කලෙක බාහිය, ඔබ ඉන් නොවේද, එකල්හි බාහිය, ඔබ එහි (රාගාදියෙහි) නොවේ. යම් කලෙක බාහිය, ඔබ එහි නොවේද, එකල්හි බාහිය, ඔබ මෙහි (මෙලොව) නොවේ. පරලොව නොවේ. මේ දෙක අතරෙහි නොවේ. මෙයම දුකේ අවසානයයි.